වහාම ක්රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට ජනාධිපති රනිල් වික්රමසිංහගේ දැඩි අවධානය යොමුව තිබෙනවා.
තමන්ට ආණ්ඩුව කරගෙන යෑමට පොහොට්ටුවේ සහය නොදෙන්නේ නම් එසේ සිදු කරන බවයි ඔහු සඳහන් කරන්නේ.
එසේම ඇමති තනතුරු ලබා දීමේදී අසාධාරණයක් සිදුවූ බවට නිරන්තරයෙන් කෑ ගසන පොහොට්ටුවේ නායකත්වයට ද ජනාධිපතිපවරයා මේ බව දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.
ජනතාව දැඩි අපහසුතාවයෙන් සිටින මේ මොහොතේ ඇමති මණ්ඩලය වැඩිකර නිකරුණේ ජනතා මුදල් තවදුරටත් නාස්ති කිරීමට තමන් කිසි විටෙකත් ඉඩ නොදෙන බවයි ජනාධිපතිවරයා මෙහිදී දැඩිව අවධාරණය කර ඇත්තේ.
මේ අවස්ථාවේ සිදුකල ඇමති සංශෝධනය විෂය පථයන් මාරු වීම මිස අලුතින් කිසිදු තනතුරක් ලබා නොදුන් අතර අලුතින් ඇමති තනතුරු ලබාදී ජනතාව පිට තවදුරටත් බර පැටවීමට සුදානම් නැති බවද ජනාධිපතිවරයා පොහොට්ටුවට දැනුම් දී තිබෙනවා