පාස්කු ප්‍රහාර එල්ල කළ අය ගැන තොරතුරු දන්නේ නම් අධිකරණ නියෝග එනතුරු බලා නොසිට මෛත්‍රීපාල සිරිසේන මහතා රටට කිව යුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා. එවැනි බරපතළ සිද්ධියක් ගැන දන්නා කරුණු නොකියා සිටීම නිසා එය වරදක් ලෙස මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාටම චෝදනා නැගිය හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (23) ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදලින් නවීකරණය කරන ලද මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයීය ක්‍රීඩාංගණය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.