ජාතික ජනබලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වට රවුම අසළ (පොල්දූව වටරවුම) පැවැත්වූ විරෝධතාවට පොලිසිය මීට සුළු මොහොමකට පෙර ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් වැඩ බාරගත් පසු පොලිසිය මැදිහත් වූ ප්‍රධාන විරෝධතාව මෙයයි. ජීවන වියදම ඉහළ යෑමට විරෝධය පළ කරමින් ජාතික ජනබලවේගයේ කාන්තා සංවිධානය වන ‘අයිතීන් උදෙසා කාන්තාවෝ‘ සංවිධානය අද (4) දින උද්ගෝෂණයක් සංවිධානය කර තිබුණා.