“උඹව ගෙදරට ඇවිල්ලා කපලා මරනවා , උඹ දන්නෙ නැහැ මගේ හැටි” – හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂගෙන් තර්ජනයක්

ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මරණීය තර්ජනය කළ බව පවසමින් එම ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කරනවා.

ඉකුත් 11 වෙනි දින රාත්‍රියේදී ඡායාරූප ශිල්පී ඩබ්ලිව් ඩි තිලක් නිශාන් මහතා කහතුඩුව නිවසේ සිටියදී ඔහුගේ ජංගම දුරකථනයට වට්සැෆ් තාක්ෂණය ඔස්සේ ඇමතුමක් ලබාගෙන තිබූ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙලෙස මරණීය තර්ජනය කළ බව ඔහු කළ පැමිණිල්ලේ සඳහන්.

රාජකාරී සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට තමන් පිළිතුරු ලබා දීමෙන් අනතුරුව “තෝ ඉන්න තැන මම දන්නවා, උඹව ගෙදරට ඇවිල්ලා කපලා මරනවා , උඹ දන්නෙ නැහැ මගේ හැටි, යැයි පවසමින් මරණීය තර්ජනය කළ බව පවසමින් පෙරේදා (12) මෙම පැමිණිල්ල කළ බවයි උසස් පොලිස් නිලධාරියෙක් පවසා සිටියේ.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles