හොර තුවක්කු ගැන කිව්වොත් ලොකු තෑගි!

අනවසර ගිනි අවි සම්බන්ධයෙන් ලබා දෙන ඔත්තු සඳහා පොලිස් අරමුදලෙන් තෑගි ලබා දීමට කටයුතු ආරම්භ කර තිබෙනවා. පොලිස්පතිවරයා විසින් සියලු ම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත යවන ලද ලිපියක මේ බව සඳහන් කර තිබෙනවා.

පොලිස් නිලධාරින් පමණක් නොව පෞද්ගලික ඔත්තුකරුවන්ටද මාසයක කාලයක් සඳහා තෑගි මුදල් වැඩි කර තිබෙනවා. දිගින් දිගටම වැඩි වන ආයුධ සන්නද්ධ අපරාධ මැඩලීමේ අරමුණෙන් මේ තීරණය ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය කාලයේ දී වාර්තා වුණේ පොලිස් අරමුදලෙන් තෑගි මුදල් ලබා දීම නිසා ආකාරයට සිදු නොවූ බවයි. මෙම පොලිස් අරමුදල වර්ධනය වන්නේ, පොලිසිය මැදිහත් වී වරදකරුවන් කරන අයගෙන් අයවන දඩමුදල්වලින් 10%ක මුදලක් බැර වීමෙන්. පසුගිය කාලය පුරාවටම මේ අරමුදල් හරහා ලැබෙන තෑගි මුදල් නිසි ආකරයෙන් නොගෙවන බවට චෝදනා කර මාධ්‍ය පුවත් පළ වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles