“රත්තරං දුවේ මට සමාවෙන්න” – විදුහල්පතිවරයා දෙණ අබියස හඬා වැටෙයි

වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ තාප්ප කොටසක් කඩා වැටීමෙන් සිය උපන් දිනය දා ම දිවියෙන් සමුගත් සය වියැති සෙහන්සා දැරියගේ අවසන් කටයුතු 18 වැනි දා මහ ජනකායකගේ සෝ සුසුම් මැද සිදු කෙරුණා.

විශාල ජනතාවක් පැමිණ දැරියගේ දෙණට අවසන් ගෞරව දක්වනු ලැබුවා.

එහිදී ඇගේ පාසලේ විදුහල්පතිවරයාද පැමිණ දැරියගේ දේහයට අවසන් ගෞරව දැක්වූයේ දණ නමා ආචාර කරමින්.

ගම්මුන්ගේ පහර කෑම නිසා ඔහුගේ ඇසකට හානි සිදුව තිබූ අතර එම ඇස වසා ප්ලාස්ටරයක් අලවා තිබුණා.

හඬමින් අදහස් දැක්වූ විදුහල්පතිවරයා පවසා තිබුණේ පාසලේ තුන්මහල් ගොඩනැගිල්ලේ මුදුන් වහලේ අනාරක්ෂිත බව දැක්කද මෙම වතුර කරාම පද්ධතියේ අනාරක්ෂිත බව නොදැනුණු බවයි. ඇගේ ජීවිතය තමාට ආරක්ෂා කර ගැනීමට බැරි වුණ බව වැඩිදුරටත් කී විදුහල්පතිවරයා “අනේ රත්තරං දුවේ මට සමාවෙන්න” යනුවෙන් පවසා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles