ජීවිතය තර්ජනයට ලක්ව ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට දැනට ලබා තිබෙන ආරක්ෂාවට අතිරේකව ප්‍රමාණවත් ආරක්ෂාවක් වහාම ලබා දෙන ලෙස අභියාචනාධිකරණය අද (14) බලධාරීන්ට නියෝග කර තිබෙනවා.
හිටපු අධ්‍යක්ෂවරයා රථයක ගමන් ගන්නා අවස්ථාවක රිය අනතුරකට ලක්කොට ඔහුව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බව පසුගිය දා නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
ඒ වන විට ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පැරණි යතුරු පැදියක් සහ පොලිස් නිලධාරීන් තිදෙනෙක් පමණක් යොදවා තිබු බවයි සඳහන් වූයේ.