මෙරටට යළි වාහන ගෙන්වීමේදී විධිමත් නියාමන වැඩපිලිවෙලක් සකස් කළ යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ පවසනවා.
ආණ්ඩුව වාහන ගෙන්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා කමිටුවක් පත් කළ යුතු බවයි ඔහු පවසන්නේ.
වැඩිදුරටත් අදහස් දක්වන සම්පත් මෙරිංචිගේ,
“පසුගිය වසර කිහිපයේදී ලංකාවට වාහන ආනයනය කිරීමේදී ඒ කියන්නේ 2017, 2018, 2019 වසරවලදී 85%ක් ගෙන්නලා තියෙන්නේ පාවිච්චි කරපු වාහන. 15% අලුත් වාහන ආනයනකරුවන් විසින් ගෙන්නලා තියෙන්නේ. ඒ 85%නුත් 95%ක් ගෙන්නලා තියෙන්නේ ජපන් රටෙන්. ඉදිරියේදී වාහන ආනයනය කරනවානම් ප්‍රමුඛත්වය දෙන්න ඕනේ ජනතාව කැමති දෙයට. ජනතාව කැමති දේ නැතුව ඒජන්තවරුගේ අවශ්‍යතාවයට කටයුතු කරලා රටට අවශ්‍ය නැති දේවල් කරන්න ගියොත් පරිහානියක් ඇති වෙනවා. කොළ එළියක් ඇවිත් තියෙනවා වාහන ගෙන්න. ඡන්දයට කලින් වාහන ගෙන්නනවද, ලබන අවුරුද්දේ මුල ඉඳන් ගෙන්නනවද, නෑ මේක රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයකට එනවා වාහන ගෙන්නන්න දෙනවා කියලා. රජයෙන් ඉල්ලන්නේ අපිව ගෙන්නලා කමිටුවක් හදන්න. මේක දැන් ඉඳන් පිළිවෙල කරන්න.”
යනුවෙන් පවසනවා.