සිරදඬුවම අත්හිටවූවත් ඉම්රාන් ඛාන් තවදුරටත් හිරේ

රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණු තෑගි විකිණීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට ලබා දී තිබූ වසර 14 ක සිර දඬුවම ඉස්ලාමාබාද් මහාධිකරණය ඊයේ (01) අත්හිටුවා තිබෙනවා.

සිර දඬුවම් ලැබුණු තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචනයක් විභාගයට ගත් අවස්ථාවේ දී ඉස්ලාමාබාද් මහාධිකරණය ඉම්රාන් ඛාන්ට ලබා දී තිබූ සිර දඬුවම අත්හිටුවීමට නියෝග කළා.

සිර දඬුවම අත් හිටවූවත් ඉම්රාන් ඛාන් තවත් නඩුවලට වරදකරු වී ඇති බැවින් ඔහු බන්ධනාගාරයෙන් නිදහස් නොවනු ඇති බවයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉහත චෝදනාවට වරදකරු වූ අවස්ථාවේ දී ඉම්රාන් ඛාන්ට පාකිස්තාන රුපියල් මිලියන 787 ක දඩයක් අධිකරණය නියම කර අතර එසේම වසර 10 ක් යනතුරු මැතිවරණ තහනමක්ද ඔහුට පැනවුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles