ඉම්රාන් ඛාන්ට තවත් වසර 10ක අච්චුවක්

දූෂණ චෝදනා හේතුවෙන් තෙවසරක සිරදඬුවමක් ලබා සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් රාජ්‍ය රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් වරදකරු බවට අධිකරණය තීන්දු කළ අතර ඔහුට තවත් වසර 10ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

2022 දී බලයෙන් නෙරපා හරින ලද ඉම්රාන් ඛාන්, ඔහුට එරෙහි සියලු චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන්නේ ඒවා ඔහුව නිහඬ කිරීමට දේශපාලනිකව ගන්නා උත්සාහයන් බව පවසමින්.

ඛාන්ගේ ආධාරකරුවන් ඔහුගේ නිර්දෝෂීභාවය පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කරන අතර, ඉදිරි මැතිවරණයෙන් ඔහුව පසෙකට කිරීමට ඔහුගේ විරුද්ධවාදීන්ගේ පියවරක් ලෙසයි මෙම තීන්දුව දකින්නේ. පෙර දූෂණ චෝදනාව හේතුවෙන් ඔහුට මැතිවරණයට තරඟ කිරීමේ නොහැකියාවක් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles