ඖෂධවලින් පවා ගසාකන රටක, රත්තරන් දියණියෝ

මහා මාර්ගයේ වැටී තිබු රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා රන් ආභරණ සහ මුදල් සහිත පාර්සලයක් එහි අයිතිකාරිය අතට පත් කළ දියණියන් දෙදෙනෙක් පිළිබඳ පුවතක් මීගලෑව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම සද් ක්‍රියාව සිදු කර ඇත්තේ මීගලෑව මහවැලි ජාතික පාසලේ 10 වැනි වසරේ ඉගෙනුම ලබන තම්මිට පදිංචි එන්.පී. තිසුරි යුවනිකා සහ ඒ.ඩබ්ලිව්.ජී. සඳුනි ඉමල්කා ජයසූරිය යන දැරියන් දෙදෙනායි.

මේ දැරියන් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ සිය අධ්‍යාපන කටයුතු කරගෙන යන අය බවයි පාසලේ විදුහල්පතිනිය පවසා ඇත්තේ.

ඖෂධ ගෙන්වීමෙන් පවා ගසාකන රටක, ආර්ථික දුෂ්කරතාවලින් ලැබෙන පීඩාවල සිය යහපත්කම යටපත් නොකළ දියණියන් දෙදෙනා සම්භාවනාවට පාත්‍ර විය යුතු බව Lankaline අපේ හැඟීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles