ඡන්දේ ඉදිරි කටයුතු ගැන මැ.කෝ විශේෂ සාකච්ඡාවක

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්, ඔවුන්ගේ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද (09) පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමඟ සාකච්ඡාවක් ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.රත්නායක ප්‍රකාශ කර සිටියේ.

මෙවර ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles