මහ දවාලේ අලුත්කඩේ පන්සලේ පිංකැටේ කඩලා

කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පූර්වාරාම බෝධිමළු විහාරයේ පින් කැටය කඩා මුදල් සොරා ගත්තේ යැයි කියන කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම සොරකම සිදුවී ඇත්තේ අද දහවල් 12.50ට පමණ අතර එම අවස්ථාවේදීම අධිකරණය ඉදිරිපිට රථ වාහන රාජකාරියේ යෙදෙන කෙසෙල්ලත්ත පොලිසියේ නිලධාරීන් විසින් සැකකාරියන් අත්අඩංගුවට ගෙන කෙසෙල්වත්ත පොලිසියට භාර දී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැක කාන්තාවන් හලාවත ප්‍රදේශයේ බව පොලිසිය පවසන අතර මෙම කාන්තාවන් විහාරස්ථානයට ඇතුළු වී පින් කැටය කඩා එහි තිබූ මුදල් වැනි පාර්සලයක් තවත් කාන්තාවකට ලබා දී ඇති බව ඇසින් දුටු සාක්ෂිකාරිය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles