ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සහභාගී වීමට තිබූ ජනාධිපතිවරණ ජන රැලියකට ගල් ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
හම්බන්තොට සිරිබෝපුර ප්රදේශයේ ජන හමුවකට එල්ලවූ මෙම ගල් ප්රහාරයෙන් තුවාල ලැබූ දරුවකු හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ජන හමුව සඳහා නාමල් රාජපක්ෂ , චමල් රාජපක්ෂ හා ශිරන්ති රාජපක්ෂ සහභාගි වීමට නියමිතව තිබුනද සිදුවීම සැලවීමෙන් පසු ඔවුන් ඊට පැමිණ තිබුණේ නැහැ.
කෙසේ වෙතත් පසුව තුවාල ලැබූ දරුවාගේ සුවදුක් බැලීමට ශිරන්ත රාජපක්ෂ හම්බන්තොට රෝහලට ගොස් තිබුණා.