අස්වනු නෙළීමට සූදානම්ව තිබූ කුඹුරු අක්කර 11,757ක් අධික වැස්ස නිසා විනාශ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
පසුගිය යල කන්නයේ වගා කරන ලද කුඹුරු දැනට මාස එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ නොකඩවා ඇද හැලෙන වැසි නිසා සහ ගංවතුර නිසා විනාශයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
වැස්ස පටන් ගැනීමට ආසන්නයේ තිබූ නියඟය නිසා කුඹුරු අක්කර 60000කට වඩා විනාශ වී ගියා.
මෙම විනාශයන්ට අදාළ වන්දි ගෙවීමට කටයුතු සූදානම් කෙරෙන බව වාර්තා වෙනවා. කෙසේ වෙතත්, මේ නිසාවෙන් ඉදිරියේදී සිදුවන සහල් මිලේ ඉහළ යෑම ගැන ගණනයක් මෙතෙක් වාර්තා වන්නේ නැහැ.