ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවන්නේ ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 36 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ වන විට රට පුරා ඩෙංගු ආසාදිතයින් 69,008ක් වාර්තා වී ඇති බවත්, 2023 ඔක්තෝම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් 4,000ක් වාර්තා වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
නිවාසවලට අමතරව පොදු ස්ථානවලින් සහ රජයේ සහ පෞද්ගලික ආයතනවලින් ඩෙංගු බෝවන ස්ථාන සොයාගෙන තිබෙනවා.
සෑම වර්ගයකම මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් ඒවා නිරන්තරයෙන් විනාශ කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.