එළවළු මිල අහසට ම නගී

අනුරාධපුර මහජන පොළේ දී කැරට් කිලෝව රුපියල් 2000.00 කට අලෙවි වී ඇති බවත් ඒ හා සමානව උඩරට එළවළු මිලගණන් ද ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

මිල ගණන් ඉතා ඉහළ යෑම හේතුවෙන් අනුරාධපුර මහජන පොලට පැමිණි පාරිභෝගියන් විශාල පිරිසක් එළවළු මිලදි ගැනිමෙන් වැළකී සිටිමත් වෙනත් දිනවල මෙන් පාරිභෝගයන්ගේ හා වෙළෙන්දන්ගේ ද විශාල අඩුවීමකුත් දක්නට ලැබුණු බව සඳහන් වෙනවා.

දිවයින පුරා මහජන පොළවල තත්වය මෙසේ බවයි සඳහන් වූයේ.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ද කැරැට් කිලෝවක තොග මිල රුපියල් 1500.00 ක් බවත් එහි සිල්ලර මිල රුපියල් 1700.00 ක් වන අතර බෝංචි කිලෝවක තොග මිල රුපියල් 1,000.00ක් ද සිල්ලර මිල 1,400.00ක්ද, අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 1,000.00 ක්ද එහි සිල්ලර මිල කිලෝව රුපියල් 1,300.00ක් වශයෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles