සඳෙහි දක්ෂිණ ධ්‍රැවය තරණය කළ පළමු රට ලෙස ඉන්දියාව අභ්‍යවකාශ වාර්තා අතරට එක්ව තිබෙනවා. චන්ද්‍රයාන් 3 (සංස්කෘත භාෂාවෙන් සඳ යානය) ලෙස හැඳින්වෙන එම අභ්‍යවකාශ යානය එම සාර්ථකව සඳ මත ගොඩබස්වනු ලැබුවා. රෝවර් ලෙස හඳුන්වන සඳ මතු පිට ගමන් ගන්නා රෝද සයක යානයක් සවස 6 සිට එහි පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවයි වාර්තා වන්නේ. එහිදී චන්ද්‍ර පෘෂ්ඨයේ ඛනිජ සංයුතිය ගැන පර්යේෂණ සිදු කරන බව විද්‍යාඥයන් පවසනවා.
මෙයට පෙර චන්ද්‍ර ගවේෂණය කළ ඇමෙරිකාව, සෝවියට් දේශය සහ චීනය ළඟා නොවූ පෙදෙසක් වන සඳෙහි දක්ෂිණ ධ්‍රැවය සිතියම්ගත කිරීමක් ඉන්දියාව විසින් සිදු කරනු ඇතැයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (IRSO) ප්‍රධානී සිවාන් පවසා තිබෙනවා.
කෙසේ වෙතත්, 60 දශකයේ අභ්‍යවකාශ තරඟයේ යෙදුණු යානා ගමන් කළ වේගයට වඩා අඩු වේගයකින් ගමන් ගන්නා බැවින් ඉන්දීය යානයට සඳ මත ගොඩ බැසීමට වැඩිපුර කාලයක් ගත වුණා. මෙය ඉන්දියාව සඳ තරණය කිරීමට ගත් දෙවැනි උත්සාහය වන අතර පළමුවැන්න අසාර්ථක වුණා. කෙසේ වෙතත්, චන්ද්‍රයාන් 3 සති දෙකක කාලයක් ක්‍රියාකාරීව තිබෙනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරනවා.
චන්ද්‍රයාන් හි සැකැස්ම පහත දැක්වෙනවා.