ඉන්දියාව: දින 9ක් තිස්සේ කම්කරුවන් උමං මගේ සිරගතයි

ඉන්දියාවේ හිමාලයානු ප්‍රාන්තයේ යමුනෝත්‍රි මහා මාර්ගයේ උත්තර්කාෂි සහ යමූනෝත්‍රි යන පූජනීය හින්දු සිද්ධස්ථාන දෙකක් සම්බන්ධ කිරීම සඳහා උමං මාර්ගයක් ඉදි කරමින් සිටියදී කම්කරුවන් 41 දෙනෙක් එම උමග තුළ සිර වුණා. මේ වන විට දින 9ක් තිස්සේ ඔවුන් එම උමග තුළ සිරවී සිටිනවා. ජාත්‍යන්තර සහයෝගයද ලබා ගනිමින් ඔවුන් ගලවා ගැනීමේ මෙහෙයමු දියත් වෙනවා.

ඔවුන් ජීවතුන් අතර සිටින අතර නල මාර්ගයෙන් ඔක්සිජන් සහ ආහාර ලබා දෙමින් සිටින අතර, සිර වුණ ස්ථානයට ළඟා වීමට කළ පළමු උත්සාහයන් අසමත් ව ඇති බව වාර්තා වුණා. ගලවා ගැනීම වෙනුවෙන් නැවත සැලසුම් සකස් කරන බවයි වාර්තා වන්නේ. මේ වන සිරව සිටින පිරිසට අන්තර්ජාල පහසුකම් සැපයීමට උත්සාහයක්ද ක්‍රියාත්මක වෙනවා.

කෙසේ වෙතත් නව සැලසුම්වලට අනුව කන්ද මුඳුනේ සිට සිරස් අතට කැණීමක් ඇතුළත් වන අතර, අඟහරුවාදා වන විට එය ආරම්භ කළ හැකි බව ගලවා ගැනීමේ ප්‍රයත්නයන්ට සම්බන්ධ රාජ්‍ය සමාගමක් වන SJVN හි සාමාන්‍යාධිකාරී ජස්වන්ත් කපූර් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles