ඉන්දියාවෙන් ලංකාවට තවත් තෑග්ගක්!

ඉන්දියාවේ නිෂ්පාදිත Dornier වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කර තිබෙනවා. එය නිල වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත බාර දීම පසුගිය දා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කඳවුරේදී පසුගිය අඟහරුවාදා සිදු කෙරුණා.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත එය භාර දෙනු ලැබ තිබෙනවා. එය කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් පියවරක් බව එහිදී සඳහන්ව තිබෙන අතර ජනාධිපති උපදේශක සාගල රත්නායක පවසා ඇත්තේ, මෙපමණක් නොව මෙරට මිතුරෙකු අසල්වැසියෙකු ලෙසින් සියලු දුෂ්කර අවස්ථාවල ඉන්දියාව උපකාර කර ඇති බවයි. ආර්ථික වශයෙන් කරන ලද කාර්යභාරය ඉතා වැදගත් බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.

කලාපීය සමුද්‍ර ආරක්ෂාව වැනි කරුණුවලදී ඔත්තු බැලීමේ යානාවක් ලෙස මෙම යානාව භාවිතා වනු ඇති බව තතු දත් ආරංචි මාර්ග විශ්වාසය පළ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles