මෙරට ඩිජිටල් හැඳුනුම්පතට ඉන්දියාව මැදිහත් වෙයි!

(Sri Lanka Unique Digital Identity (SL-UDI) යනුවෙන් හැඳින්වෙන ශ්‍රී ලාංකේය පුරවැසියන් සඳහා වන ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වාදීමේ ව්‍යාපෘතිය වෙනුවන් ඉන්දියාව අත්තිකාරම් මුදලක් පිරිනමා තිබෙනවා. ඉන්දීය රුපියල් මිලියන 450ක් මෙලෙස ලබා දෙන බවයි සඳහන් වන්නේ.

මෙම ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව අධීක්ෂණ කමිටුවක් පිහිටුවා තිබෙනවා. තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් එම්. එල්ඩෝස් මැතිව්, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය එම්.ඩී. ගුණවර්ධන, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම අධීක්ෂණ කමිටුව ඊයේ (අගෝ. 4) ජනාධිපති කාර්යාලයේ දී රැස් ව තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

මෙම ව්‍යාපෘතිය ඉන්දීය සහයෝගය මත ක්‍රියාත්මක වන්නක් බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles