විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (27) සමත් වුණා.
එංගලන්ත කණ්ඩායම පරදා ලකුණු 68කින් ජයගැනීමත් සමඟයි ඔවුන් මෙසේ සුදුසුකම් ලැබුවේ.
ඒ අනුව ලබන සෙනසුරාදා පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන අවසාන මහා තරඟයට ඉන්දියාව සහ දකුණු අප්රිකානු කණ්ඩායම තරඟ වදිනු ඇති.
මෙම කණ්ඩායම් දෙක ලෝක කුසලාන තරඟාවලියේ මෙතෙක් ක්රීඩා කළ සියලුම තරඟ ජයග්රහණය කර තිබීම විශේෂත්වයක් වෙනවා.