ඉන්දියා-කැනඩා ගැටුම උග්‍ර වෙයි: වීසා ගැනත් තීරණයක්

කැනේඩියානු පුරවැසියෙකු (සීක් ජාතිකයෙකු) ඝාතනය කිරීමට ඉන්දියාව සම්බන්ධ බව කැනඩාවේ ජනාධිපති ජස්ටින් ටෘෘඩෝ ප්‍රකාශ කිරීමෙන් පසු රටවල් දෙක අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා අභියෝගයට ලක්ව තිබෙන තත්වයක් යටතේ ඉන්දියාව විසින් කැනේඩියානු පුරවැසියන් සඳහා වීසා ලබා දීම දින නියමයක් නැතුව අත්හිටුවා තිබෙනවා.

වසර ගණනාවක් තිස්සේ ඉන්දියාවට අවශ්‍යව සිටි සීක් ජාතික හර්දීප් සිං නිජ්ජාර් ජූනි මාසයේදී වෙඩි තබා ඝාතනය කිරීමට ඉන්දීය රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ බව අගමැති ජස්ටින් ටෘඩෝ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසූ අතර, ඉන්දියාව එකට එක කිරීමක් ලෙස කැනේඩියානු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු රටින් පිටුවහල් කර දැමුවා.

“ඉන්දියානු දූත මණ්ඩලයෙන් වැදගත් දැනුම්දීමක්: මෙහෙයුම් හේතූන් මත, සැප්තැම්බර් 21 සිට ක්‍රියාත්මක වන පරිදි, නැවත දැනුම් දෙන තුරු ඉන්දියානු වීසා සේවා අත්හිටුවා ඇත,” කැනඩාවේ වීසා සපයන BLS ඉන්දියානු වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානය සිය වෙබ් අඩවියේ දක්වා තිබෙනවා. කොවිඩ් වසංගතයෙන් පසු ඉන්දියාව වීසා අත්හිටුවන ලද පළමු අවස්ථාව මෙය වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles