ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති තරගයෙන් ඉන්දියාව ලකුණු 41 කින් ජයග්‍රහණය ලබා ගත්තා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරඟයෙන් ජයග්‍රහණය සඳහා ලකුණු 214 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 41.3 කදී ලකුණු 172 කට සීමා කිරීමට ඉන්දියාව සමත් වුණා.
ශ්‍රී ලංකා පිල ලකුණු 99 කට කඩුලූ 6 ක් දැවී දැඩි අවිනිශ්චිත තත්වයක සිටියදී ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ හත්වෙනි කඩුල්ලට ලකුණු 63 ක සම්බන්ධතාවක් පවත්වමින්.
කුල්දීප් යාදේව් අනගි පන්දු යැවීමක නැවත වරක් නිරතවෙමින් ලකුණු 43කට කඩුළු 4ක් දවා ගත්තා. දුනිත් වෙල්ලාලගේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඕවර 10යෙදී නිලකුණු ඕවරක් සමගින් ලකුණු 40 කට කඩුළු 5ක් දවා ගැනීමට සමත් වුණා. ඒ , විරාට් කෝලි, රෝහිත් ශර්මා සහ කේ. එල්. රාහුල් ඇතුළු ඉන්දීය පිලේ ඉදිරිපෙළ ප්‍රබල පිතිකරුවන් 5 දෙනෙක්.
ඉන්දීය පිල ඕවර 49.1 යේදී සියලු දෙනා දැවී 213 (රෝහිත් ශර්මා 53, ෂුබ්මන් ගිල් 19, ඉෂන් ක්‍රිෂන් 33, කේ. එල්. රාහුල් 39, අක්ෂර් පටෙල් 26, දුනිත් වෙල්ලාලගේ 40/5, චරිත් අසලංක 18/4) ශ්‍රී ලංකා පිල ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 172 (කුසල් මෙන්ඩිස් 15, සදීර සමරවික්‍රම 17, චරිත් අසලංක 22, ධනංජය ද සිල්වා 41, දුනිත් වෙල්ලාලගේ නොදැවී 42, කුල්දීප් යාදේව් 43/4, ජස්ප්‍රිට් බුම්රා 30/2, රවීන්ද්‍ර ජඩේජා 33/2)