ප්‍රබල ඉන්දීය විද්‍යාඥයාට ශ්‍රී ලංකාවේදී හෘදයාබාධයක්

ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානයේ හිටපු ප්‍රධානී කේ. කස්තුරිරංගන් මෙරට දී හෘදයාබාධයකට ලක්ව ඇතැයි ඉන්දීය පුවත් ඒජන්සියක් වාර්තා කරනවා.

වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව ගුවන් මගින් බැංග්ලෝර් වෙත ගෙන යාමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතින බවයි දැක්වෙන්නේ.

ඉන්දියාවේ ප්‍රධාන විද්‍යාඥයෙකු ලෙස සැලකෙන ඔහු එරට ප්‍රබලම සම්මානය ලෙස සැලකෙන පද්මවිභූෂණ් සම්මානලාභියෙක්. 2020 ඉන්දීය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සැකසීමේ වගකීම දරනු ලැබූ ඔහු එරට කීර්තිමත් විද්‍යාඥයෙක් ලෙස සැලකෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles