ඉන්දියාවේ Alliance Air යාපනයට දිනපතා පියඹයි

ඉන්දියාවේ Alliance Air ගුවන් සමාගම ඉන්දියාවේ සිට යාපනයට දිනපතා ඍජු ගුවන් සේවාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මෙම ගුවන් සමාගම පසුගිය වසරේ සිට චෙන්නායි සිට යාපනය දක්වා සතියට සිව් වතාවක් ගුවන් ගමන් සිදු කළ අතර දැන් සූදානම් වන්නේ එය දෛනික සේවාවක් බවට පත් කිරීමට යි.

කොවිඩ් වසංගතය අතරතුර යාපනය ගුවන් ගමන් අත්හිටුවන ලද නමුත් එය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී නැවත ආරම්භ කරනු ලැබුවා. 2023 ජූනි මාසය වන තෙක් මෙම ගුවන් සේවය මගින් චෙන්නායි සහ යාපනය අතර මගීන් 12,000 කට අධික සංඛ්‍යාවක් මෙම සේවාව හරහා පියාසර කර තිබෙනවා

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ ප්‍රධාන ප්‍රභවයක් වන්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ රාජ්‍ය ගුවන් සේවාව වන Alliance Air හි මෙම නව එළැඹුම ගැන ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාවේ ගුවන් සේවා අමාත්‍යවරයා වන ජ්‍යෝතිරාධිත්‍ය සින්ඩියා විසින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles