ලංකාවට කිරි දෙන්න “අමුල්” එයි

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට ඉන්දියාවේ ප්‍රබලම කිරි නිෂ්පාදන කර්මාන්තකරුවා සූදානම්ව සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමුල් 1946 ආරම්භ වූ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්ත රජය යටතේ පවතින කිරි නිෂ්පාදන සමූපාකාර සමාගමක් වනවා. එහි වාර්ෂික ආදායම දළ වශයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 5-7 අතර ඇති බවයි පැවසෙන්නේ. මුල්කාලීනව කිරි නිෂ්පාදන හිඟ රටක් වූ ඉන්දියාව එක්සත් ජනපදයද අභිබවා යන ලෙස කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට අමුල් ආකෘතියට හැකි වූ බව සඳහන් වෙනවා. කෙසේ වෙතත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස මිලින්ද මොරගොඩ සිය පත්වීමේ මුල් අවධියේ දී ම අමුල් වෙත ගොස් සාකච්ඡා පැවැත්වූවා.

මේ අතර තවත් ප්‍රබල ඉන්දීය සමාගම්වලට මෙරට කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය කිරීමට ආයෝජනය කිරීමේ හැකියාවන් ද සලකා බලන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ.

ජනතාව වෙත අඩු මිලට මෙම පාරිභෝජන ද්‍රව්‍ය ලබා දීමට පිටරටින් ආනයනය නොකොට මෙරටදීම නිෂ්පාදනයෙන් හැකියාව ලැබෙන බව ඔහු කියා සිටිනවා.

එසේ ම නිෂ්පාදන අතිරික්තයක් ඇති වුවහොත් ඒවා අපනයනය කිරීමට ඇති හැකියාව ගැන සලකා බලන බව ඔහු තවදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles