ඉන්දියාවේ නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ සැරිසරයි?

මේ දිනවල වේගයෙන් ඉන්දියාවේ පැතිර යන කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය වන ඔමික්‍රොන් ජේ.එන්.01 ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇතැයි තමා සිතන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානීමහාචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

මෙරට මේ වන විට පීසීආර් පරීක්ෂණ ඉතා අවම මට්ටමක පවතින නිසා මේ තත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මක දත්ත ඉදිරිපත් කිරීමට හැකියාවක් නැති බව ඔහු වැඩිදුරටත් පවසනවා.

මේ හේතුවෙන්, වැඩිහිටියන්, විවිධ රෝගාබාධ හේතුවෙන් දුර්වල ප්‍රතිශක්තියක් ඇති අය මෙන්ම දුර්වල වාතාශ්‍රය සංවෘත ජනාකීර්ණ පරිසරයක සිටින අය නැවතත් මුහුණු ආවරණ පාවිච්චි කිරීම ඉතා වැදගත් බව පෙන්වා දෙන මහාචාර්යවරයා උණ කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැතිවීම, දිගට පවතින අධික උණ තත්වය, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම, වමනය ඇතිවීමේ ප්‍රවණතා මෙම ප්‍රභේදයේ රෝග ලක්ෂණ බවද ප්‍රකාශ කරනවා.

මෙවැනි රෝගලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පතන ලෙසත්, කොවිඩ් එන්නත් ලබා දීමේ ව්‍යාපෘතිය තවමත් ක්‍රියාත්මක බැවින් ඒ වෙත යොමු විය හැකි බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles