පසුගිය (14) වෙනිදා පැවති සාමාන්‍ය පෙළ විභාගයේ චිත්‍ර විෂයට අදාළව චිත්‍ර ඇඳීම සඳහා සිසුන් වෙත ලබාදුන් කඩදාසිය දියසායම් චිත්‍ර සඳහා කිසිසේත් ම සුදුසු නොවන ප්‍රමිතියෙන් බාල කඩදාසියක් බව ඒකාබද්ධ ගුරු සේවා සංගමය අනාවරණය කරනවා.
ජාතික විභාගයක දී සිසුන් වෙත ප්‍රමිතියෙන් යුතු කඩදාසියක් ලබාදීමට නොහැකිවීම පිළිබඳව අදාළ බලධාරීන්ගෙන් ප්‍රශ්න කරන බවද එම සංගමය පවසනවා.
මෙය හුදෙක් අතපසුවීමක් හෝ වෙනයම් තාක්ෂණික කාරණයක් ලෙස බැහැර කිරීමට නොහැකි අතර ජාතික විභාග පිළිබඳව පවතින්නා වූ විශ්වාසය විනාශ කර දැමීමේ එක් කොටසක් ලෙස හඳුනාගත හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.
මෙසේ දිගින් දිගටම ජාතික විභාග පිළිබඳ වූ විශ්වාසය පළුදුවන ආකාරයේ සිදුවීම් වාර්තා වීම ඉතා අවාසනාවන්ත තත්වයක් වන බවත් නිදහස් අධ්‍යාපනය බිමට සමතලා කිරීමේ ආණ්ඩුවේ උවමනාව මැනවින් ඉෂ්ට කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව තමන්ගේ කොටස ඉටුකරන ආකාරයක් පෙන්නුම් කරන බවත් ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ උප ලේකම් දිනේෂ් මධුරංග ප්‍රකාශ කරනවා.
මේ රටේ දරුවන්ට විශ්වාසනීය ලෙස විභාගයක් පැවැත්වීමට නොහැකි බංකොලොත් පාලකයින් එම දරුවන්ගෙන් සමාව ගත යුතු අතර, අසාධාරණයට ලක් වූ සියලු දරුවන්ට සාධාරණයක් ඉෂ්ට කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
ඒ වෙනුවෙන් ඒකාබද්ධ ගුරු සේවා සංගමය අඛණ්ඩව පෙනී සිටින බවත් නිදහස් අධ්‍යාපනයත් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍යය සියලු ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් එම සංගමය සඳහන් කරනවා.