වාර්තාගත ලෙස උද්ධමනය අඩු වී ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පෙන්වා දෙනවා. ගතවූ වසරක් වැනි කාලයක් තුළ මෙරට උද්ධමනය 62.1%කින් අඩු වී ඇති බවයි ඔහු පවසන්නේ. 2022 වසරේ පළමු සහ දෙවන කාර්තු වන විට 66.7%ක්ව පැවැති උද්ධමනය 2023 වසරේ එම කාලසීමාව වන විට 4.6%ක් දක්වා අඩු කර ගැනීමට සමත්ව තිබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඩොලර් බිලියන 1.8ක් ව පැවැති මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.8 දක්වා ඉහළ දැමීමට පසුගිය වසරක කාලය තුළ රජයට හැකියාව ලැබුණු බවත් ගිය වසරේ මෙම කාලය වන විට ඩොලරයේ මිල වූ රු.361 මේ වෙද්දී රු.321 දක්වා ගෙන ඒමට හැකි වූ බවත් අමාත්‍යවරයා පවසනවා.
සියලු ක්ෂේත්‍රවල ආර්ථික වර්ධනය ගිය වසරේ තිබුණාට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බවයි ඇමැතිවරයා සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් පවසා සිටින්නේ.
කෙසේ වෙතත් මේ බව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය ද මේ බව වාර්තා කර තිබෙනවා. රොයිටර් වාර්තාව පහතින්,