මත්පැන් නිෂ්පාදනාගාර හිමියන් රැසක් මත්පැන් අලෙවි සල් ( තැබෑරුම්) රටපුරා නීති විරෝධී ආකාරයට පවත්වාගෙන යමින් සිටීම හේතුවෙන් විශාල වශයෙන් මත්පැන් හා සම්බන්ධ අක්‍රමිකතා සිදුවන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
එසේම මෙම තැබෑරුම් පවත්වාගෙන යන්නේ වෙනත් වෙනත් නම් යොදා ගනිමින් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ.
මෙවැනි කටයුතු කරන මත්පැන් නිෂ්පාදනාගාර හිමියන් ගැන තොරතුරු සොයායන බවත් ඒ පිළිබඳ තොරතුරු තහවුරුවූ පසු ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.
මේ අතර සැක සහිත ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ පසුගිය දිනවල අත්අඩංගුට ගනු ලැබූ බවයි ඔහු සඳහන් කරන්නේ.