ජනප්‍රිය ගායක චාමරගේ සෞඛ්‍ය තත්වය ගැන තොරතුරු එළියට

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ දවස් කිහිපයක් තිස්සේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. එය මෙරට කලා ක්ෂේත්‍රය සහ ඔහුගේ රසිකයන් බරපතළ ලෙස කම්පිත කළ සිදුවීමක්. කෙසේ වෙතත්, ඔහු හදිසි ප්‍රතිකාර ඒකකයේ රඳවා තිබෙන්නේ තත්වය මඳක් බරපතළ නිසා බවයි කියැවුණේ.

මේ වන විට චාමරගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වෙනවා. එහෙත් තවත් කෙටි කලක් ඔහුට රෝහලේ රැඳී සිටීමට සිදු වෙනු ඇති.

ඔහු රෝහල්ගත වී මේ වන විට සතියකට ආසන්න කාලයක් වනවා.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ චාමර වීරසිංහට නිව්මෝනියා රෝගී තත්වය තිබෙන බවයි. පරීක්ෂණ කිහිපයක් පවත්වා තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කෙරෙන බව එම ආරංචිමාර්ග තහවුරු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles