නිදහස් සැමරුම් උත්සවයේ පුහුණුවීම් කටයුතු අතරතුර අනතුරට පත්වූ පැරෂුට් භටයන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ගුවන් හමුදාව පවසනවා.
අද පෙරවරුවේ නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගත කළා.
අනතුරෙන් යුද හමුදාවේ පැරෂුට්කරුවන් දෙදෙනෙකු සහ ගුවන් හමුදාවේ පැරෂුට්කරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ආරංචිමාර්ග සඳහන් කරනවා.