මෙරට පිරමීඩ ආකාර මූල්‍ය කටයුතු කරන බවට ශ්‍රී ලංකා මහබැංකුව විසින් හඳුනාගත් ආයතන කිහිපයක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසද මහබැංකුව නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව සඳහන්.
- Beecoin App/Sunbird Foundation
- Fast Win (Pvt) Ltd
- Fruugo Oline App/Fruugo Oline (Pvt) Ltd
- Genesis Business School/Era Miracle (Pvt) Ltd
- Isimaga International (Pvt) Ltd
- Ledger Block
- Qnet/Questnet
- Ride to Three Freedom (Pvt) Ltd
ඉහත දැක්වූ ආයතන 8 මහබැංකුව විසින් කරන ලද විමර්ශන අනුව පිරමීඩාකාර යෝජනා ක්‍රියාත්මක කරන ආයතන බවයි මහබැංකුව කියා සිටින්නේ.
නීතියෙන් දඬුවම් ලැබිය හැකි මෙවැනි යෝජනා ක්‍රමවලට සම්බන්ධ නොවෙන ලෙස මහබැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේවා දැන් නෑ
එතකොට hype ptc , dollarptc , කරපු මගඩි ඒවත් අල්ලපල්ලා…
Mewa thahanam karanakota dahas gananin minissu ewata ahuwela uwarai spread wela iwarai. Samaharu rateth nae. Ashwaya giya pasu isthalaya wahanna uthsaha karanawa,