පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (11) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවී තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව නව පොලිස්පතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් සිය උණුසුම් සුබ පැතුම් එක් කළ බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙම හමුවෙහි සුවිශේෂීත්වය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වු අතර ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද මෙම හමුවට එක් වී ඇති බවයි සඳහන් වන්නේ.