අගරදගුරු හිමිට පැවිදි හඬෙන් අපහාස: විකෘති කළ ඡායාරූප ප්‍රදර්ශනය කරයි!

අද (30) දින පැවිදි හඬ සංවිධානය මාධ්‍ය හමුවක් පවත්වමින් වැඩබලන පොලිස්පති ලෙස දේශබන්දු තෙන්න්කෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරනු ලැබුවා. එහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු පිරිසක් එයට සහභාගි වුණා.

එහිදී දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ලෙස පත් කිරීමට කතෝලික සභාව විරුද්ධ වීම විවේචනයට ලක් කෙරුණා. පසුගිය වකවානුවේ විවිධ ආගම් අදහන අය පොලිස්පති බවට පත් වුවත් කිසිම බෞද්ධ හිමිනමක් ඊට එරෙහි නොවූ බවත් දැන් මේ පත් කිරීමට කාදිනල් හිමි විරුද්ධ වීම අයුතු බවත් මුරුත්තෙට්ටුවේ හිමි පැවසුවා. තම පැවිදි හඬ සංවිධානය පසුගිය කාලයේ නිහඬ වුවද ඒ්‍ සිංහයන් මෙන් බවයි ඒ්‍ හිමි පවසන්නේ.

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව යම් චෝදනාවක් තිබේ නම් එය දැනුම් දෙන ලෙස පවසන එම සංවිධානය කතෝලික සභාවේ ප්‍රකාශය පිළිකුල් සහගත ලෙස හෙළ දකින බව පවසනවා.

මේ රටේ නැවත ජාතිභේද ඇති කරන්නට සූදානම් නොවෙන්නැයි ද එසේ වන්නේ නම් කතෝලික සභාවේ ම්ලේච්ඡ වැඩ නවතන්නට තමන් මැදිහත් වන බවයි ඔවුන් පවසන්නේ.

එහිදී අගරදගුරුවරයාගේ ඡායාරූපයක් විකෘති කර පොලිස්පති ලෙස දක්වා ඇති දර්ශනයක්ද එම සංවිධානය විසින් ප්‍රදර්ශනය කරනු ලැබුවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles