ව්‍යාජ ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සුව ඇමැති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පෙරේදා (15) අධිකරණයට ඉදිරිපත් නොකෙරුණේ සෞඛ්‍ය තත්වය අයහපත් බව කියමින්.
ඔහු මෙසේ ඉදිරිපත් නොකිරීමට තරම් රෝගී තත්වයක පසුවීදැයි විමර්ශනයක් කරන ලෙස ඉල්ලා රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ මෝසමක් ගොනු කර තිබෙනවා.
සැකකාර හිටපු අමාත්‍යවරයා නඩු වාරය සඳහා අධිකරණයට නොපැමිණි අතර නීතිඥයින් දැනුම්දුන්නේ කෙහෙළිය නින්දේදී හුස්ම හිරවීම ඇතුළු රෝග ගණනාවකින් පීඩා විඳිමින් සිටින බවයි.