කාන්තා දිනය දා බිරිඳට පෙට්රල් දමා ගිනි තැබී යැ යි සැමියා සොයා පරීක්ෂණ

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන අද දින සැමියා විසින් තම බිරිඳට පෙට්රල් වත් කර ගිනි තබා ඝාතනය කිරීමේ අපරාධයක් මොරටුව එගොඩ උයන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම යුවළ එම ප්‍රදේශයේ පැල්පත් නිවාසක ජීවත් වූ අය වන අතර මේ වන විට සැකකාර සැමියා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

එගොඩ උයන ඉන්ධන පිරවුම්හල අසල පිහිටි අනවසර පැල්පත් නිවාසයක මෙම ඝාතනය සිදුව ඇති බවත් මියගිය කාන්තාවට අනියම් ඇසුරක් ඇති බවට චෝදනා කරමින් සැමියා ඇයට පෙට්‍රල් දමා ගිනි තබා ඇති අතර තුවාල ලැබූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles