පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණිල්ලක් කර ඇතැයි මහවෙල පොලිසිය සඳහන් කරනවා.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද පොලිසිය පවසනවා.
මෙම දරුවා පාරේ වෙට්ටු දමමින් පාපැදිය පදවාගෙන ගියේ යැයි කියමින් මෙම පහරදීම සිදුකර ඇතැයි විමර්ශන තුළින් හෙළි වී තිබුණා.
කෙසේවෙතත් පහර කෑමට ලක්වූ බව කියන මෙම බාල වයස්කාර දරුවා නිවෙසට පැමිණ ක්ලාන්තය සෑදුණු බව කියා ඇද වැටුණු බව දරුවාගේ මව පැවසු බව පොලිසිය සඳහන් කර සිටියා.
මෙම පහරදීම බාලවයස්කාර දරුවා පාපැදියෙන් පල්ලිය වෙත යමින් සිටියදී නිකගොල්ල ප්රදේශයේ දී සිදු වී තිබෙන බවයි සඳහන් වන්නේ.