මහජනතාව විසින් ලබා දෙන දුරකතන ඇමතුම්වලට ප්රතිචාර නොදැක්වූ පොලිස් ස්ථානාධිපතිවරුන් 07 දෙනෙකුට එරෙහිව පොලිස් වංචා විමර්ශන ඒකකය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙනවා.
ඒ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝග මතයි.
අපරාධකරුවන් පිළිබඳ තොරතුරු ලබා දීමට මෙන්ම හදිසි අවස්ථාවන්වලදී ප්රදේශයේ පොලිස් ස්ථානය භාර ස්ථානාධිපතිවරයාගේ රාජකාරි ජංගම දුරකතනයට ඇමතුම් ලබාගත්තද ඊට කිසිම අවස්ථාවකදී ප්රතිචාර නොදැක්වූ බව කිහිප දෙනෙක් සම්බන්ධයෙන් ජනතාව පොලිස්පතිවරායට කළ දැනුම් දීම මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පැවසෙනවා.