ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට ඉරානයේ මැදිහත් වීමක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට අනවසරයෙන් ඇතුළුවීම පිටුපස ඉරානය සිටින බව අමෙරිකානු බුද්ධි අංශ තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

FBI සහ අනෙකුත් ආයතන එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.

අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කෙරෙහි අසමගියක් ඇතිකිරීමට සහ විශ්වාසය බිඳදැමීමේ අරමුණින් ඉරානය විසින් අමෙරිකානු මැතිවරණයට මැදිහත් වී ඇති බව එම ආයතන ඉදිරිපත් කළ වාර්තාවේ දක්වා තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට මෙම මස මුලදී අභ්‍යන්තර පණිවුඩයක් අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් ඉරානයට චෝදනා එල්ල වු අතර ඉරාන නිලධාරීන් විසින් එය ප්‍රතික්ෂේප කර තිබූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles