ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් බවයි සඳහන් වන්නේ.
ඉරාන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද (24) නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයාගේ පැමිණීම හේතුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසනවා.