මංගල උත්සවයක ගින්නකින් සිය ගණනක් දැවේ!

උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාක ප්‍රවෘත්ති සේවා පවසන බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කරනවා.

කෙසේ වෙතත් රතු කුරුස සංගමය නිකුත් කළ තවත් වාර්තාවක පැවසෙන්නේ මියගිය ගණන 450 ඉක්මවා ඇති බවකුයි.

ඉරාක චාරිත්‍ර අනුව මංගල උත්සව තුළ විශාල වශයෙන් ගිනි කෙළි භාවිත වෙනවා. ගිනිකෙළි දල්වන අතරවාරයේ පැනනැගී ඇත්තේ ගිනි ගන්නාසුලු ආවරණ වලට ගිනි ඇවිළීමෙන් බවයි විශ්වාස කෙරෙන්නේ.

ගින්න හටගත් මංගල ශාලාව ආරක්‍ෂිත උපදෙස් උල්ලංඝනය කර අධික ලෙස දැවෙනසුළු ෙ පුවරු වලින් ආවරණය කර තිබූ බව ඉරාක පුවත් සේවා අනාවරණය කරනවා.

“අධික ලෙස දැවෙන, අඩු වියදම් ඉදිකිරීම් ද්‍රව්‍ය භාවිතා කිරීම හේතුවෙන් ගින්නෙන් සිවිලිමේ සමහර කොටස් කඩා වැටුණා ඇතුලේ හිටි අයට කරගන්න දෙයක් නැතිවුණා” යනුවෙන් එහි සිටියෙකු මාධ්‍ය වෙත පවසා තිබෙනනවා.

කෙසේ වෙතත් ගින්න ඇතිවූ අවස්ථාවේ 1000 ක පමණ පිරිසක් ශාලාවේ සිට ඇති අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles