ධම්මිකගේ ජනාධිපති අපේක්ෂකත්වය ගැන පොදුජන පෙරමුණේ ප්‍රතිචාරය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට නම් කරන බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හෝ ජාතික සංවිධායක ලෙස ධම්මික පෙරේරා පත් කිරීමට යන බව වාර්තා වුණා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් කියා ඇත්තේ එවැනි තීරණ පක්ෂය විසින් ගෙන නොමැති බවයි.

එවැනි තීරණ ගැනීම සඳහා පක්ෂයේ විධායක සභාව රැස්විය යුතු බවත් එම කමිටුව පසුගිය සෙනසුරාදා (දෙසැ 15) සිට රැස්වී නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles