ලංකාවට එන විදේශිකයන් අවන්හල් ආදිය අරඹා වැට් හෝ කිසිදු බද්දකට යටත් නොවී විශේෂිත යන්ත්‍රයක් භාවිත කරමින් කෝටි ගණන් මුදල් විදේශයන්ට අදිමින් සිටින බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් පාර්ලිමේන්තුවේ දී පවසා තිබෙනවා.
විදේශිකයන් භාවිත කරන එම මුදල් ලබාගැනීමේ යන්ත්‍රයට ක්‍රෙඩිට් කාඩ් මගින් මුදල් ගෙවූ විට ඒ සියලු ගෙවීම් විදේශවලට යන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති අතර මේ පිළිබඳ වහාම සොයා බලන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
දකුණු පළාතේ ගාල්ලට එහා ප්‍රදේශවල මෙවැනි අවන්හල් බොහොමයක් ආරම්භ කර ඇති අතර ඒවායේ සේවය කරන්නේ ද විදේශිකයන් බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කරනවා.
ආණ්ඩුව දේශීය ව්‍යාපාරිකයන්ට බදු ගහන නමුත් විදේශිකයන් පැමිණ කරන කෝටි ගණන් ඉපැයීම්වලින් කිසිම බද්දක් අය නොකරන්නේ ඇයි ද ප්‍රශ්නය ඔහු එහි දී විමයා තිබෙනවා.