පසුගිය ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්රායලයට එල්ල කළ ප්රහාරයේදී අතුරුදහන් වූ ශ්රී ලාංකිකයෙකු වන සුජිත් බණ්ඩාර යටවර හමාස් සටන්කාමීන් රඳවාගෙන සිටින ප්රාණ ඇපකරුවන් අතර සිටීමට ඉඩ ඇති බව ඊශ්රායල විදේශ කටයුතු අමාත්යංශය ශ්රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව මේ බව ශ්රී ලංකා විදේශ කටයුතු අමාත්යංශය ඔහුගේ පවුලේ සාමාජිකයන්ට දැනුම් දී තිබෙනවා. ප්රාණ ඇපකරුවන් සිව් දෙනෙකු නිදහස් කර ඇතත් ඒ අතර සුජිත් බණ්ඩාර සිට නැති බවයි දැනගන්නට ඇත්තේ.