රට නැවතත් කෝපි කාලෙට?

විදේශීය වෙළඳපොලේ මෙරට කෝපිවලට ඇති ඉහළ ඉල්ලුම සැලිකිල්ලට ගනිමින් නැවත කෝපි වගාව ප්‍රවර්ධනය කිරීමට අය-වැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර ඇත්තේ හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමටයි.

මේ සඳහා ණය සහනාධාරයක් ගොවියන් වෙත ලබා දීමට ද මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. හෙක්ටයාරයකට ලක්ෂ 10ක් ලබා දෙන අතර එයින් ගොවීන් නැවත ගෙවිය යුතු වන්නේ ලක්ෂ 5ක් පමණයි.

මෙරට Coffea Arabica (අරාබිකා කෝපි), Coffea Canephora ( රොබස්ටා කෝපි), Libarica (ලයිබරිකා කෝපි) යන විශේෂ  වවනු  ලබන අතර විදේශ වෙළදපොලේ වඩාත් ඉල්ලුම ඇත්තේ අරාබිකා කෝපිවලට බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles