ISIS සැකකරුවන් පිරිසක් ලංකාවෙන් පැනලා: ඉන්දියාවේදී කොටුවෙයි

ශ්‍රී ලංකාවෙන් පැමිණි බවට සැලකෙන ISIS ත්‍රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද් ගුවන්තොටුපොළට පැමිණීමේදී එම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එම සැකකකරුවන් සිව් දෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරෙන බව එරට ආරක්ෂක අංශ පවසනවා.

ඔවුන් එම ගුවන්තොටුපොළට පැමිණ තිබෙන්නේ කුමක් සඳහා ද යන්න ද මෙතෙක් අනාවරණය වී නොමැති බව ඔවුන් වැඩිදුරටත් කියා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles