ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර පවතින ගැටුම් සඳහා තාවකාලික විරාමයක් ලබාදිය යුතු බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත්කර තිබූ යෝජනාවක් නිෂේධ බලය යොදා ප්‍රතික්ෂේප කිරීමට අමෙරිකාව කටයුතු කර තිබෙනවා.
බ්‍රසීලය විසින් කෙටුම්පත් කර තිබු එම යෝජනාවෙන් ඉල්ලා තිබුණේ මානුෂීය ආධාර ගාසා තීරයට යැවීම සඳහා එවැනි තාවකාලික විරාම ලබාදිය යුතු බවයි.
එම යෝජනාව සඳහා සාමාජික රටවල් 12ක් පක්ෂවූ අතර රුසියාව සහ බ්‍රිතාන්‍ය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.
ඒ අතර ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලයට සහාය ලබා දෙන බව අවධාරණය කරමින්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට ගොස් තිබෙනවා.