ගාසා තීරයට එල්ලකරන ප්‍රහාර දැඩි කරන බව ඊශ්‍රායලය පවසනවා.
ඊශ්‍රායල හමුදා බලධාරීන් ජනතාවට දැනුම් දෙන්නේ උතුරු ගාසා තීරයේ සිටින ජනතාව හැකි ඉක්මණින් දකුණු ගාසා තීරයට යා යුතු බවටයි.
ඊශ්‍රායල හමුදා කණ්ඩායම් ගාසා තීරය ආසන්නයේ රැස්කර සිටින අතර කිසියම් හෝ අවස්ථාවක ඔවුන් ගාසා තීරය ආක්‍රමණය කිරීමට ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එසේම ඊශ්‍රායල හමුදා විසින් බටහිර ඉවුරට ද ප්‍රහාර වැඩිකර ඇති අතර එම ප්‍රදේශයේ පලස්තීනුවන් මිලියන තුනක් පමණ ජීවත්වන බව සඳහන්.